අනෙක් නිලධාරීන්ට හොඳ ආදර්ශයක්
ඇත්තටම හොඳ දෙයක්. දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් දක්ෂතා ඇති අය හඳුනාගෙන ඒ අයගේ සේවාවන් ලබාගැනීමට අදහස් කර ඒ අනුව ක්‍රියාත්මක වීම අගය කළ යුතුයි. ඒ වගේම ඉහළ වැටුපක් අතහැරල තමන්ගේ රටට සේවය කරන්න කස්තුරි මහතා තීරණය කිරීමත් සැබවින්ම අගය කළ යුතුයි.
බොහෝ ආයතනවල ප්‍රධානීන් තමා යටතේ සිටින නිලධාරියකු අළුත් දෙයක් කරනවට කැමති නැහැ. ඒ තමන්ගේ නොදැනුවත්බව නිසා හෝ තමන් අභිබවා ඉහළට යාවි කියන බිය නිසා වෙන්න ඇති. තවත් සමහර නිලධාරීන් තමා යටතේ සේවන කරන නිලධාරීන්ගෙන් වැඩ ගන්න හදන්නේ කිසිදු වගවිභාගයකින් තොරව. එම නිලධාරියාට ඒ රාජකාරිය කිරීම හැකියාව තියෙනවද, ඊට අමතරව එම නිලධාරියාට පැවරී ඇති රාජකාරිවල මෙනවද, ඒවත් එක්ක තවත් රාජකාරියක් පැවරීම කෙතරම් සුදුසුද, අදාල නිලධාරියාට ඒ සඳහා අවශ්‍ය පහසුකම් තියෙනවද, ඒ සඳහ ලබා දුන් කාලය ප්‍රමාණවත් ද කියල හිතන්නෙ නැතිව බලෙන් වැඩ ගැනීමක් තමයි බොහෙමයක් ඉහළ නිලධාරීන්ගේ පිළිවෙළ. මේ තත්වයන් යටතේ පහළ නිලධාරීන් රාජකාරි ඉටු කරන්නේ දැඩි පීඩනයකින්. එහෙම වැඩ කරන නිලධාරියකුගෙන් යම් අතපසුවීමක් සිදු වුනොත් ඒ ගැන ක්‍රියාත්මක වෙන්න නම් ඉහළ නිලධාරීන් කටයුතු කරනවා.
රට දියුණු කරන්න නම් මේ අයගේ ආකල්ප සංවර්ධනය අනිවාර්යයනේම විය යුතු දෙයක්. (ආකල්ප සංවර්ධන වැඩසහටන් නම් කොතෙකුත් කෙරෙනවා. ඒවා ගැන වෙනම ම ලියන් වෙයි.) දුම්රිය දෙපාර්තමේන්තුවෙ ඉහළ නිලධාරීන් සියළුම අමාත්‍යාංශ දෙපාර්තමේන්තුවල නිලධාරීන් හොඳ ආදර්ශයක්.
No comments:
Post a Comment