නිල්පාට කොළ වලට
තුරු ලතා මාරු කර
කොන්ක්‍රීට් ලොව තනන
කෘරතර මිනිසුනේ
කරන්නෙමි නුඹට මම
එකම ආයාචනයක්
ඉඳි කර තබනු මැන
තවත් එකම එක
කොන්ක්‍රීට් කණුවක්
මතු දිනක බුදු වන්න
පාරමී දම් පුරන
මෙතේ බුදුන් වෙනුවෙන්...
(මහින්ද විද්‍යාලයේ තරණය සඟරාවේ පළ වූ නිසඳැස)
No comments:
Post a Comment